මෙරට සිනි නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ (2025) ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වු මාස නමයක කාලය තුලදි සිනි මෙට්‍රික්ටොන් 56,992 දක්වා පහත වැටි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
2024 වර්ෂයේ මුල්මාස නමය තුල සිනි මෙට්‍රික්ටොන් 74,970ක් නිෂ්පාදනය කොට තිබුණි. ඒ අනුව 2024 වර්ෂයේ මෙම කාලසිමාවට සාපෙක්ෂව 2025 වර්ෂයේ මෙම කාලසිමාව තුල සිනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 17,978කින් පහත වැටි තිබුණි.
කෙසේවුවද ඉකුත් වර්ෂයේ (2025) ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වු මාස නමයක කාලය තුල මෙරටට සිනි මෙට්‍රික්ටොන් 556,359ක් ආනයනය කොට තිබුණි.2024 වර්ෂයේ මෙම කාලසිමාව තුලදි ආනයනය කොට ඇත්තේ සිනි මෙට්‍රික්ටොන් 470,166ක් බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.