2025 මුල් මාස 11ට පාරිභෝගික භාණ්ඩ ආනයනය ඩො.මි. 4908
මෙරටට පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරිම සදහා ඉකුත් වර්ෂයේ (2025) ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා වු මාස 11 ක කාලය තුලදි ඇමරිකානු ඩොලර් මිලියන හාරදහස්නමසිය අටක මුදලක් (4,908) වැයකොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව පවසයි.
මෙය 2024 වර්ෂයේ මුල්මාස 11ට සාපේක්ෂව සියයට 60ක වැඩිවිමක් බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.
2024 වර්ෂයේ මෙම කාලසිමාව තුල පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 3,068.1ක මුදලක් වැයකොට තිබුණි. ඒ අනුව 2024 වර්ෂයේ මුල්මාස 11ට සාපේක්ෂව 2025 වර්ෂයේ මුල්මාස 11 තුලදි පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර්මිලියන 1,839.9 ක මුදලක් වැඩිපුර වැයවි තිබුණි.
2025 වර්ෂයේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා වු මාස 11 ක කාලය තුලදි පාරිභෝගික භාණ්ඩ අතුරින් ආහාර සහ පාන වර්ග ආනයනය සදහා වැඩිම මුදලක් වැයවි ඇති අතර එම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1924.5කි. මිට අමතරව කිරි ආශ්රිත නිෂ්පාදන සදහා ඩොලර් මිලියන 325.9ක්, සිනි සහ රසකැවිලි සදහා ඩොලර් මිලියන 338.5ක්, ධාන්‍ය හා අඹරුම් කර්මාන්ත ආශ්රිත නිෂ්පාදන සදහා ඩොලර් මිලියන 147.8ක්, එළවළු සදහා ඩොලර් මිලියන 371.7ක්, කුළුබඩු සදහා ඩොලර් මිලියන 89.6ක මුදලක් වැයකොට ඇති බවද මහ බැංකු වාර්තාවේ සදහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
