මැදපෙරදිග පවතින යුධ ගැටුම් හේතුවෙන් ගෝලිය වෙළදපොළේ ඉන්ධන මිල ඉහළයාම සහ ඉහළ ආනයන පරිමාව හේතුවෙන් මෙම වර්ෂයේ අප්‍රේල් මසයේ දි ඉන්ධන ආනයනය වියදම ඇමරිකානු ඩොලර් මිලියන 886 දක්වා සියයට 149.9කින් වැඩිවි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
ඉකුත් වර්ෂයේ (2025) අප්‍රේල් මාසයේ දි ඉන්ධන ආනයනය කිරිම සදහා වැයවි ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 354.7කි. එහෙත් මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේ දි ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 886 දක්වා වැඩි වි ඇත.
මෙම වර්ෂයේ මුල්මාස හතර තුලදි (ජන- අප්‍රේල්) ඉන්ධන ආනයනය කිරිම සදහා ඩොලර් මිලියන 2167.7ක මුදලක් වැයවි ඇත. එය ඉකුත් වර්ෂයේ මෙම කාලසිමාවට සාපේක්ෂව සියයට 53.6ක වැඩිවිමක් බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.