එළවළු ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ (2025) මුල් මාස තුනෙහිදී (ජනවාරි -මාර්තු) රුපියල් මිලියන 37,513 ක මුදලක් වැයවී ඇති බැව් ශ්රී ලංකා මහබැංකුව විසින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වේ.
2024 වර්ෂයේ මුල් මාස තුනෙහිදී එළවළු ආනයනය කිරීම සඳහා වැයකොට ඇත්තේ රුපියල් මිලියන 32,093කි. ඒ අනුව ඉකුත් වර්ෂයේ මුල් මාස තුනට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල් මාස තුනෙහිදී එළවළු ආනයනය කිරීම සඳහා වැයවී ඇති මුදල සියයට 16.9කින් වැඩිවී ඇත.
මෙම වර්ෂයේ මාර්තු මාසයේ පමණක් එළවළු ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 13,223ක මුදලක් වැයවී ඇත. ඉකුත් වර්ෂයේ මාර්තු මාසයේ දී ඒ සඳහා වැයවි ඇත්තේ රුපියල් මිලියන 12,182ක මුදලකි.
චන්දන සමරවික්රම