2025 මුල් මාස අටේ රාජ්‍ය ආයෝජන වියදම රු.බි. 338
රජය විසින් මෙම වර්ෂයේ (2025) මුල්මාස අට තුලදි විවිධ ක්ෂේත්රවල ව්‍යාපෘති සදහා රුපියල් බිලියන 338.8ක ආයෝජන වියදමක් දරා ඇති බැව් අයවැය ආර්ථික සහ මුල්‍ය තත්ත්වය පිළිබද වාර්තාවෙ සදහන් වේ.
ඇතැම් විදේශ ණය නිදහස් කිරිමේ ප්‍රමාදයන්, ප්‍රසම්පාදන ප්‍රමාදයන්, ඉඩම් නිදහස්කරගැනිමේ සහ පාරිසරික අනුමැතින් ලබා ගැනිමේ ප්‍රමාදයන්, මෙන්ම ඇතැම් ව්‍යාපෘතිවල සංශෝධන සදහා ණය ලබාදෙන ආයතනවල එකගතා ලැබිමේ ප්‍රමාදයන්, වැනි අවහිරතාවයන් සහිතව මෙම ව්‍යාපෘත ක්‍රියාත්මක කොට ඇත.
ඒ අනුව ග්‍රාමීය මාර්ග පාළම්, මහාමාර්ග හා අධිවේගි මාර්ග නඩත්තුව, පුනරුත්ථාපනය හා සංවර්ධනය. නළ ජල සම්පාදන ක්‍රම, නිවාස යෝජනා ක්‍රම, නාගරික ප්‍ර දේශවල පහසුකම් ඉහළ නැංවිම, දුම්රිය ඇණි, දුම්රිය මාර්ග සහ ප්‍රවාහන පද්ධතිය පුනරුත්ථාපනය, නවින තාක්ෂණය හදුන්වාදිම තුලින් කෘෂිකාර්මික අගයදාමයේ පලදායිතාවය, යන ව්‍යාපෘති සදහා රජය විසින් ආයෝජන වියදමක් දරා ඇත.
එමෙන්ම උතුරුමැද පළාත ඇළ මාර්ග සංවර්ධනයට අදාළ, යටිතල පහසුකම් ඉදිකිරිම, පාසල්, උසස් අධ්‍යාපන,හා වෘත්තිය පුහුණු ආයතන, රෝහල් නඩත්තුව, සංවර්ධනය හා උපකරණ ලබාදිම, විදුලිබලය ලබාදිම යටිතල පහසුකම් සංවර්ධනය, අත්හිටවු ජලසම්පාදන ව්‍යාපෘති නැවත ආරම්භ කිරිම වැනි ව්‍යාපෘති සදහා ආයෝජන වියදමක් දරා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

