ඇමෙරිකා එක්සත් ජනපයේ,කොලොම්බස් හිදී පැවති, 2025 ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු තරඟාවලියේ (International Science and Engineering Fair-ISEF)දී ගෞරව සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ විශිෂ්ට තරුණ පර්යේෂකයන් තිදෙනෙකු සමත් වී ඇත.
රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ දසිඳු සිත්මිණ,මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඒ.වයි.බී. වීරකෝන් සහ කොළඹ අනන්ද විද්‍යාලයේ රමිරු තේහාන් විජයසිරිවර්ධන මෙම සම්මානලාභීහු වෙති.
ISEFයනු Society for Scienceආයතනය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන,ලොව විශාලතම සහ ද්විතීක පාසැල් මට්ටමේ විද්‍යා,තාක්ෂණ,ඉංජිනේරු හා ගණිත (STEM)පර්යේෂණ තරඟාවලියක් වන අතර මැයි 10දින සිට16දින දක්වා තරගාවලිය පැවැත්විණ.
ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු තරඟාවලිය යනු Society for Scienceආයතනය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන,ලොව විශාලතම සහ ගෞරවනීයම ද්විතීක පාසැල් මට්ටමේ විද්‍යා,තාක්ෂණ,ඉංජිනේරු හා ගණිත (STEM)පර්යේෂණ තරඟාවලිය වේ. වසරකට වරක්,ලොව පුරා රටවල් 80කට වඩා සංඛ්‍යාවක,තරුණ පර්යේෂකයන් 1800කට අධික සංඛ්‍යාවක්,තම නව්‍ය පර්යේෂණ හා නිපැයුම් කීර්තිමත් විද්‍යාඥයන් සහ විශේෂඥ කර්මාන්තකරුවන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීම සඳහා,මෙම තරඟාවලිය නියෝජනය කරයි.
මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වූ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ දසිඳු සිත්මිණ මාර්ගගත ක්‍රීඩා විෂයෙන් ද, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඒ.වයී.බී. වීරකෝන් සිසුවා පරිසර හිතකාමී පළිබෝධ නාශක පිළිබඳ පර්යේෂණ යෝජනාවක් ද සහ කොළඹ අනන්ද විද්‍යාලයේ රමිරු තේහාන් විජයසිරිවර්ධන කාලගුණයට අනුව වෙනස්වන සුහුරු ගෙවතු ජල සැපයුම් පද්ධතියක් ලෙස නව නිපැයුමක් ද ඉදිරිපත් කර ඇත.
මෙම ශ්‍රී ලාංකික සිසුන් ජාතික ශුරයන් ලෙසISEFහි දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා තෝරා ගැනීම,ශ්‍රී ලංකා විද්‍යා හා ඉංජිනේරු තරඟාවලිය (SLSEF)නමින් හැඳින්වෙන,ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL),ජාතික විද්‍යා පදනම (NSF)සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනISEFඅනුබද්ධ ජාතික තරඟාවලිය මඟින් සිදු කර ඇත.
මෙවර ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු 2025හිදී,ඊට සහභාගි වූ ශ්‍රී ලාංකීය සිසුන් තිදෙනාමISEFඅවසන් ජයග්‍රාහකයන් (ISEF Finalists)ලෙස පිදුම් ලබා ඇත. ඔවුන් අතුරින්,කොළඹ අනන්ද විද්‍යාලයේ රමිරු තේහාන් විජයසිරිවර්ධන,නිහිත පද්ධති ඉංජිනේරු (Embedded Systems Engineering)ක්ෂේත්රය සඳහා Hewlett-Packard (HP)ආයතනය මඟින් පිරිනමන ඩොලර් 1200ක් වටිනා ප්‍රධාන සම්මානයක් (Grand Award)හිමිකර ගැනීමට සමත්ව තිබේ.
එමෙන්ම,ජාත්‍යන්තර පද්ධති ඉංජිනේරු සභාව (INCOSE)මඟින් සමාජ-තාක්ෂණික පද්ධති ඉංජිනේරු (Socio-Technical Systems Engineering)ක්ෂේත්රයේ විශිෂ්ටත්වය සඳහා පිරිනමන ඩොලර් 1000ක් වටිනාDr. William (Bill) Ewaldවිශේෂ සම්මානය ද දිනාගැනීමට රමිරු සමත් සමත් විය. මෙම වැඩසටහනේ සම්බන්ධීකාරක ලෙස ජයවිලාල් මීගොඩ මහතා කටයුතු කළේය.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්
