මෙරටට අවශ්‍ය ඖෂධවලින් 50% -60% අතර ප්‍රමාණයක් 2025 වසර වන විට රට තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ගෝලීය ව්‍යසනය මධ්‍යයේ කොතරම් අභියෝග, දුෂ්කරතා පැමිණියද රටෙහි ජනතාවට කිසිදු ඖෂධ හිගයක් නොතබන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අමාත්‍ය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) ගලගෙදර මැතිවරණ කොට්ඨාසයේ කන්දෙකුඹුර සිට ගල්වැටිකන්ද දක්වා ජලය බෙදාහැරීමේ නල පද්ධතිය වැඩිදියුණු කර නව ජල සම්බන්ධතාව ලබාදීමේ අවස්ථාවට එකතුවෙමිනි.
රට තුළ ඖෂධ නිශ්පාදන ක්‍රියාවලිය මේ වන විට සාර්ථකව සිදු කෙරෙන බවත් ඒ අනුව රටට අවශ්‍ය ඖෂධ මෙන්ම වෛද්‍ය උපකරණ රැසක් නිෂ්පාදය කිරිමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා කීය.
අනුරාධපුර ප්‍රදේශයේ ඖෂධ කර්මාන්ත ශාලා හතරක් ඉදිවෙන බවත් හොරණ කර්මාන්ත ශාලාවක වැඩ ආරම්භ කර ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
හොරණ කර්මාන්ත ශාලාව ඩොලර් මිලියන 15ක ආයෝජනයක් බවද හම්බන්තොට ප්‍රදේශයේ තවත් ඖෂධ නිෂ්පාදන කලාපයක් පිහිටුවන බවද හෙතෙම කීය
ඖෂධ නිෂ්පාදන නිෂ්පාදන කර්මාන්තශාලා මෙරට ආරම්භ කිරීම ආයෝජකයන්ට ලාභදායී වැඩපිළිවෙළක් බවත් එනිසා රට තුළ ඖෂධ නිෂ්පාදනය සඳහා උපරිම පහසුකම් සලසන බවත් සෞඛ්‍යය අමාත්‍යවරයා මෙහිදී කීය.