2025න් අවසන් මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලන්කන් අලාභය රු.බි. 7.6
ශ්‍රිලංකන් ගුවන්සේවය 2024/2025 මුල්‍ය වර්ෂය තුලදි රුපියල් බිලියන 7.6ක ශුද්ධ අලාභයක් වාර්තාකොට ඇති බව ලංකන් එයාර්ලයින්ස් ගුවන්සේවය සම්බන්දයෙන් 2024/2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සදහන් වේ.
අභියෝග මධ්‍යයේ වුවද මෙම මුල්‍ය වර්ෂය තුලදි ශ්‍රිලංකන් එයාර්ලයින්ස් ගුවන්සේවය රුපියල් බිලියන 296.5ක ආදායමක් උපයා ගැනිමට ගුවන්සේවයට හැකිවි තිබුණි. ගුවන්සේවා කර්මාන්තයට අවදානම් සහිත ගෝලිය අභියෝග, සමග නිරන්තරයෙන් මුහුණදිමට සිදුවිම, භුදේශපාලනික පිඩාකාරි තත්ත්වයන්, හේතුවෙන් ඉන්ධන පරිභෝජනය ඉහළයාම,එයාර්බස් ගුවන්යානාවල එන්ජින්වල ගැටලු හේතුවෙන් ලොවපුරා පියාසැරි අකර්මන්‍යවිම, උපාංග හිගය හේතුවෙන්, අනිවාර්ය නඩත්තු කටයුතු ප්‍රමාදවිම, ආදි හේතු ගුවන්සේවයේ ආදායම අඩුවිමට බලපා තිබුණි.
එමෙන්ම විනිමය අනුපාතවල බලපැම්, ධාරිතා සිමාවිම, ගෝලිය වශයෙන් අදායම අඩුවිම හේතුවෙන් 2023/2024 මුල්‍ය වර්ෂයට සාපේක්ෂව 2024/2025 මුල්‍ය වර්ෂය තුල මගි ආදායම සියයට 15කින් පහත වැටි ඇති බවද ශ්‍රිලංකන් එයාර්ලයින්ස් ගුවන්සේවය සම්බන්දයෙන් නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සදහන් වේ. සැලසුම් නොකළ එන්ජින් අලුත්වැඩියා වියදම රුපියල් බිලියන 2.2ක් හා ශුද්ධ මුල්‍ය ගාස්තු රුපියල් බිලියන 31.6ක් ලෙස ගණනය කිරිමෙන් පසු රුපියල් බිලියන 7.6ක ශුද්ධ අලාභයක් වාර්තාකොට තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

