මෙරට වී නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දි (2025) වි මෙට්‍රික් ටොන් මිලියන 5.05 දක්වා සියයට 7.6කින් වැඩිවි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව පවසයි.
ඉකුත් වර්ෂයේ මහ කන්නයේ දි මෙරට වි නිෂ්පාදනය වි මෙට්‍රික්ටොන් මිලියන 2.74ක් වු අතර යල කන්නයේ වි නිෂ්පාදනය වි මෙට්‍රික්ටොන් 2..31කි.2024 යල කන්නයට සාපේක්ෂව 2025 යල කන්නයේ දි මෙරට වි නිෂ්පාදනය සියයට 16.8කින් වැඩිවි ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.
2024 වර්ෂයේ මෙරට වි නිෂ්පාදනය වි මෙට්‍රික්ටොන් මිලියන 4.70කි. රජය මගින් ගොවින්ට ලබාදුන් පොහොර සහනාධාර මුදල වැඩිකිරිම, වි වගාවට හිතකර දේශගුණික තත්ත්වය, වි වගාව සදහා නවින තාක්ෂණික උපක්‍රම හදුන්වාදි ගොවින් ඒ සදහා යොමුකිරිම වැනි හේතුනිසා 2025 වර්ෂයේ මෙරට වි නිෂ්පාදනය වැඩිවි තිබුණි.