2025දී විදේශීය ණය හා පොලිය ලෙස ඩොලර් බිලියන 5.1ක් ගෙවලා
රජය විසින් විදේශිය ණය සේවාකරණ ගෙවිම් යටතේ ඉකුත් වර්ෂයේ දි (2025) ඇමරිකානු ඩොලර් බිලියන 5.1 මුදලක් ගෙවා ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සදහන් වේ.
2024 වර්ෂයේ දි ගෙවා ඇති සමස්ත විදේශිය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4.3කි. ඒ අනුව 2024 වර්ෂයට සාපේක්ෂව රජයේ විදේශිය ණය සේවාකරණ ගෙවිම්වල සැලකිය යුතු ඉහළයාමක් 2025 වර්ෂයේ දි වාර්තා වි ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ. එමෙන්ම රජය විසින් සිදුකරණු ලැබු පොලි ආපසුගෙවිම් 2024 වර්ෂයේ වාර්තා වු ඇමරිකානු ඩොලර් බිලියන 0.7ට සාපේක්ෂව 2025 වර්ෂයේ දි ඩොලර් බිලියන 1.1 දක්වා ඉහළගොස් ඇති බවද මහැංකු වාර්තාවේ සදහන් වේ.
ජාත්‍යන්තර ස්වෛරිත්ව බැදුම්කරවලට අදාළ ගෙවිම්, ඉන්දියානු ණය පහසුකම් සම්බන්දයෙන් ඉන්දියානු රාජ්‍ය බැංකුවෙත සිදුකළ ආපසු ගෙවිම්, සහ වෙනත් ද්විපාර්ශවික ආයතන වෙත සිදුකළ ණය ආපසු ගෙවිම් මේ සදහා හේතුවි තිබුණි.
ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරිමෙන් පසු ගෙවිම් අත්හිටුවා තිබු බොහොමයක් රජයේ විදේශිය ණය ආපසු ගෙවිම නැවත ආරම්භකොට ඇති බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සදහන්කොට තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
