රථවාහන ආනයනය කිරිම සදහා ඉකුත් වර්ෂය තුල (2025) ඇමරිකානු ඩොලර් මිලියන 2,047ක වියදමක් දරා ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
පුද්ගලික රථවාහන සහ වාණිජකටයුතු සදහා යොදාගනු ලබන වාහන ඇතුළුව වාහන ආනයනය කිරිම මෙම මුදල වැයවි ඇත. ඉකුත් වර්ෂයේ (2025 ) දෙසැම්බර් මාසය තුල වාහන ආනයනය කිරිම සදහා ඩොලර් මිලියන 301 ක මුදලක් වැයකොට තිබුණි.
එමෙන්ම පසුගිය වර්ෂයේ ආනයනය වියදම 2024 වර්ෂයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් මිලියන 21,480ක් දක්වා සියයට 14කිනව් ඉහළගොස් තිබු අතර මේ සදහා වාහන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළයාම හේතුවි ඇති බවද මහබැංකුව පවසයි.
රථවාහන ආනයනය, ආශ්රිත විදේශවිනිමය ඉල්ලුම මෙන්ම ලාභංශ ගෙවිම සහ යටිතල පහසුකම් ව්‍යාපෘති ආශ්රිත විදේශවිනිමය පිටතට ගලායෑම ආදිය හේතුවෙන් විනිමය අනුපාතිකය මත යම් පිඩනයක් ඇතිවු බවද මහබැංකුව පවසයි.