2025දී පොලීසිය කුලී ලෙස රු. කෝටි 54ක් ගෙවලා
ශ්රි ලංකා පොලිසිය විසින් කුලි පදනම මත ලබාගත් ගොඩනැගිලි 325 සදහා කුලි මුදල් ගෙවිම සදහා ඉකුත් වර්ෂයේ දි (2025) රුපියල් පනස්හතරකෝටි, හැටහතරලක්ෂ, අසුඑක්දහස්තුන්සිය අනුවක (546,481,390) මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
පොලිසිය විසින් පොලිස් කාර්යාල 77ක්, පොලිස් ස්ථාන 121ක්, පොලිස්මුරපොළ 14ක්, නිලනිවාස හා භට නිවාස 104ක්, ගබඩා 04ක් සහ වෙනත් කාර්යයන් සදහා ගොඩනැගිලි 05ක් වශයෙන් ගොඩනැගිලි 325ක් කුලි පදනම ලෙස ලබාගෙන තිබුණි.
එමෙන්ම වසරකට රුපියල් කෝටියක් (10,000,000) ඉක්මවු කුලියක් ගෙවමින් පොලිස් කාර්යාල පවත්වාගෙන යාමට ගොඩනැගිලි 10ක් ලබාගෙන ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. ඒ සදහා ඉකුත් වර්ෂය තුල ගොඩනැගිලි කුලි මුදල් ලෙස රුපියල් විසිහයකෝටි, අනුඑක්ලක්ෂ, හැත්තැහතරදහස්, හත්සියවිසිහතරක (269,174,724) මුදලක් ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම ග්රැන්ඩ්පාස් පොලිස් ස්ථානය දැනට වසර 100කට ආසන්න කාලයක සිට කුලිපදනම මත ලබාගෙන ඇති ගොඩනැගිල්ලක පවත්වාගෙන යන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. පොලිසියම සදහාම ගොඩනැගිල්ලක් ඉදිකොට මෙම පොලිස් ස්ථානය ඒ තුල ස්ථාපිත කිරිමට තවමත් නොහැකි වි තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

