බලපත්‍රලාභි වාණිජ්‍ය බැංකු විසින් ලබාදුන් පුද්ගලික ණය සහ අත්තිකාරම් ඉකුත් වර්ෂයේ (2025) රුපියල් බිලියන 406කින් ඉහළගොස් ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සදහන් වේ.
මෙය වාණිජ්‍ය බැංකු විසින් පුද්ගලික අංශය සදහා නිකුත්කරණු ලැබු සමස්ත ණය ප්‍රමාණයෙන් සියයට 22කි. පාරිභෝගික වියදම ඉහළයාමත් සමග රන් භාණ්ඩ ඇපයට තබා ලබා ගන්නා ණය, කල් පවත්නා පාරිභෝගික භාණ්ඩ මිලදි ගැනිම සදහා වු ණය සහ ණය කාඩ්පත් ආශ්රිත ණය ඉහළයාම පුද්ගලික ණය වැඩිවිමට ප්‍රධාන වශයෙන් හේතුවි ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.
බලපත්‍රලාභි වාණිජ්‍ය බැංකු විසින් ඉකුත් වර්ෂය තුල පුද්ගලික අංශය වෙත ලබාදුන් ණය ප්‍රමාණය ට්‍රිලියන 2.1 කින් පමණ ඉහළගොස් තිබුණි.