2025දී ගල් අඟුරුවලින් විදුලි විදුලි නිෂ්පාදනය ගිගාවොට් පැය 4662
මෙරට විදුලිබල නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ (2025) ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා වු මාස 11ක කාලය තුලදි ගිගාවෝටි පැය 16.327ක් වු අතර ඉන් ගිගාවෝටි පැය 4,662ක් විදුලිබලය නිෂ්පාදනය කොට ඇත්තේ ගල් අගුරුවලින් බව ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
කෙසේවුවද 2024 වර්ෂයේ මුල් මාස 11ට සාපේක්ෂව 2025 වර්ෂයේ මුල්මාස 11 තුල මෙරට විදුලිබල උත්පාදනය සියයට 6.1කින් වැඩිවි තිබුණි. 2025 වර්ෂයේ මෙම කාලය තුල ජලය මගින් විදුලි උත්පාදනය ගිගාවෝටි පැය 5,620 කි. ද්‍රව ඉන්ධන වලින් ගිගාවොට් පැය 1,297ක් විදුලිබලය උත්පාදනය කොට තිබු අතර සුළං බලයෙන් විදුලිබල උත්පාදනය ගිගාවෝට් පැය 349කි. පුද්ගලික අංශය මගින් ගිගාවෝට් පැය 4399ක් විදුලිබලය උත්පාදනය කොට තිබුණි. සාම්ප්‍රදායික නොවන පුනර්ජනනිය බලශක්තිය මගින් ගිගාවෝට් පැය 3701ක් විදුලි බලය උත්පාදනය කොට තිබුණි.
කෙසේවුවද මෙම වර්ෂයේ පෙබරවාරි මස 26 වැනිදින මෙරට දෛනික මුළු විදුලිබල උත්පාදනය ගිගාවොට් පැය 56.20ක් වු අතර ඉන් ගිගාවෝටි පැය 17.72ක විදුලිබලය උත්පාදනය කොට ඇත්තේ ගල් අගුරුවලින් බවද මහ බැංකු වාර්තාවේ සදහන්වේ. ජලය මගින් නිෂ්පාදනය කොට ඇත්තේ ගිගාවොට් පැය 14.36ක විදුලිබල උත්පාදනයක් වන අතර තෙල් මගින් ගිගාවෝට් පැය 11.69ක විදුලිය නිෂ්පාදනය කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
