2025දී කෘෂිකර්මයට රජය රු.බි. 142ක් වැය කරලා
රජය විසින් ඉකුත් වර්ෂයේ දි (2025) කෘෂිකාර්මික අංශය සදහා රුපියල් බිලියන 142ක මුදලක් වැයකොට ඇති අතර එය 2024 වර්ෂයට සාපේක්ෂව සියයට 17ක වැඩිවිමක් බැව් මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති අවසාන අයවැය තත්ත්වය පිළිබද වාර්තාවේ සදහන් වේ.
කෙසේවුවද මෙම වර්ෂයේ මැයි මාසයේ දි සහල් ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 49ක මුදලක් වැයකොට ඇත. මෙම වර්ෂයේ මුල්මාස පහ සදහා ( ජන-මැයි) සහල් ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 90.3ක මුදලක් වැයකොට තිබුණි.
එමෙන්ම වි අලෙවි මණ්ඩලය විසින් 2025 වර්ෂයේ දි ගොවින්ගෙන් වි මෙට්‍රික්ටොන් 162,257ක් මිලදිගෙන තිබු අතර ඒ සදහා වැයකොට ඇති මුදල රුපියල් මිලියන 19,633කි. එමෙන්ම වි අලෙවි මණ්ඩලය විසින් 2025 වර්ෂයේ දි රුපියල් බිලියන 6.2 වියදමක් දරා වි මෙට්‍රික්ටොන් 49,612ක ආරක්ෂිත වි තොගයක් පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම පොහොර සහනාධාර වැඩසටහන සදහා රුපියල් බිලියන 37ක මුදලක් ඉකුත් වර්ෂයේ වැයකොට තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
