2025දී ඌව පළාත් සභාව අපේක්ෂිත ආදායම් ඉලක්ක ඉක්මවයි
2025 ඌව පළාත් සභාවේ ආදායම අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ඇතැයි ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය) බී.එල් කුලරත්න මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ ඌව පළාත් සභාවේදී ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
"2024 දී පළාත් සභාවේ සමස්ත ආදායම රුපියල් බිලියන 3.3 ක්. 2025 වන විට එම ප්‍රමාණය බිලියන 04 දක්වා වාර්තාගත ආදායමක් දක්වා ලඟා කරගෙන තිබෙනවා. දිට්වා ආපදාව පැවතියත් 2025 වසරේ අපේක්ෂිත ඉලක්කයන් අභිබවා ආදායම් උත්පාදනය කර ගැනීමට හැකිවී තිබෙනවා. සියලුම දෙනාම ඒ සඳහා කැපවීම් කළා.ලබාදුන් ආදායම් ඉලක්ක අභිබවා තිබෙනවා.
නව ආදායම් උත්පාදනය කර ගැනීමත්,නව ආදායම් ප්‍රභවයන් හඳුනා ගැනීම සහ ඒ සඳහා වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් ආදායම් උත්පාදනය කර ගැනීමත් ඒ වගේම හිඟ මුදල් අය කර ගැනීමට සියලු දෙනා ක්‍රියාකිරීමේ ප්‍රතිපලයක් ලෙසත් ඌව පළාත් සභාවේ ආදායම වැඩි කර ගැනීමට හැකිවී තිබෙනවා.
2026 වර්ෂයේ මීටත් වඩා නව ආදායම් ප්‍රභවයන් සහ ආදායම් ඉලක්ක ලබාදීලා ආදායම් අයකර ගැනීමට කටයුතු කරනවා.ආදායම කෙරෙහි දක්වන ප්‍රවණතාව අඩුයි.ඒ නිසා ආදායම් කෙරෙහි විශේෂ නැඹුරු තාවයක් දක්වලා ආදායම වර්ධනය කිරීමට උත්සාහ කරනවා.ඊට ආණ්ඩුකාර කපිල ජයසේකර මහතාගේ,ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂාගෝකුල මහත්මිය ඇතුළු සේවකයින්ගේ සහ දේශපාලන අධිකාරියේ උපරිම සහයෝගය ලැබෙනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
