2025දී අලුත් බදු දෙකක්
ශ්රී ලංකාවේ රාජ්ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් බවත් ලෝකයේ අනෙකුත් රටවල් සමග සැසදීමේදී ශ්රී ලංකාවේ රාජ්ය ආදායම පහළම මට්ටමක බව ජනපති රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
පාර්ලමේන්තුවේදී අද (22දා) විශේෂ ප්රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“ 2026 වෙද්දී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15ක් දක්වා වැඩි කර ගැනීම අපේ අපේක්ෂාවයි. ආංශික බදු සහන නොමැතිව ආදායම් බදු අනුපාතය සියයට 30ක් දක්වා දැන් වැඩිකර තිබෙනවා.
වැට් බදු අනුපාතය සියයට 8 සිට සියයට 15 දක්වා වැඩි කර තිබෙනවා. වැට් බදු ලබාදීමේ නිදහස් කිරීම ක්රමානුකූලව අඩු කිරීම, වැට් බදු ආපසු ගෙවීම කඩිනම් කිරීම හා S VAT ක්රමය අහෝසි කරීමටත් පියවර ගන්නවා.
2025 දී අවම බදු නිදහස් කිරීමට යටත්ව දේපළ බද්ධක් වෙනුවට ධන බද්දක් හදුන්වාදීමටත්, තෑගි හා බූදල් බද්දක් හඳුන්වාදීමටත් පියවර ගන්නවා. ”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
