ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ඉකුත් වර්ෂයේ (2025) නඩු 7,171ක් විසදිමට තිබු අතර ඉන් විසදා ඇත්තේ නඩු 2,446ක් හෙවත් සියයට 34ක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
2025 වර්ෂයේ ආරම්භක දින වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ වර්ග 17කට අයත් නඩු 5,422ක් විසදිමට තිබුණි. එම වර්ෂය තුල තවත් නඩු 1,749ක් ගොනු වි තිබුණි. එමෙන්ම අභියාචනාධිකරණය තුල ඉකුත් වර්ෂය අවසන්වනවිට තවදුරටත් විසදිමට තිබු නඩු සංඛ්‍යාව 5,038කි. ඉකුත් වර්ෂයේ අභියාචනාධිකරණය තුල විසදිමට තිබු මුළු නඩු සංඛ්‍යාව 7,764කි.
ඉන් විසදා ඇත්තේ නඩු 2,726ක් බවද විගණන වාර්තාවේ සදහන් වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලය සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධනයට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.