2024දී විවාහවීම් අඩුවෙලා
මෙරට විවාහවිම් ඉකුත් වර්ෂයේ දි (2024) දොළොස්දහස්,හැටහයකින් (12,066) අඩුවි ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
ඉකුත් වර්ෂයේ මෙරට විවාහවිම් මුළු ගණන එක්ලක්ෂ,තිස්නමදහස් දෙසිය අනුවකි (139,290) 2023 වර්ෂයේ දි එක්ලක්ෂ,පනස්එක්දහස් තුන්සියපනස්හයක් (151,356) විවාහ ලියාපදිංචිකොට තිබුණි. කෙසේවුවද රට තුල ආර්ථික වශයෙන් දැඩි අර්බුදයකට ලක්ව තිබු 2022 වර්ෂයේ දි මෙරට විවාහ එක්ලක්ෂ,හැත්තැඑක්දහස්,එකසියහතලිහක් (171,140)ක් සිදුවි තිබු බවද මෙම වාර්තාවේ සදහන් වේ. 2021 වර්ෂයේ විවාහ ලියාපදිංචි කිරිම් එක්ලක්ෂ හැටදෙදහස් හයසිය විසිඅටක් (162,628) ක් සිදුවි තිබු අතර 2023 හා 2024 යන වර්ෂවලදි විවාහවිම් ක්‍රමයෙන් අඩුවිමේ තත්ත්වයක් වාර්තාවි ඇත.
මෙකි විවාහවිම් වලින් වැඩි සංඛ්‍යාවක් සාමාන්‍ය නිතිය යටතේ ලියාපදිංචිකොට තිබුණි. ආර්ථික ගැටළු, පවුලේ වගකිම් වැඩිවිම, උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවිම, විරැකියාව, විවාහයක් සිදුකරගැනිමට ඇති කැමැත්තෙන් තරුණ ප්‍රජාව බැහැරවිම, රැකියාවෙන් ලැබෙන වැටුප පවුලේ අවශ්‍යතාවයන් සදහා ප්‍රමාණවත් නොවිම, සාමාජිය ගැටළු යන හේතු විවාහ ප්‍රමාදවිම සදහා හේතුවි ඇති බව, සමාජ විද්‍යාඥයින් පෙන්වාදෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

