මෙරට පළාත් සභා 09 විසින් 2024 වර්ෂය තුල දි රුපියල් මිලියන පන්ලක්ෂ,දසදහස්,හත්සියහැත්තැදෙකක මුදලක් (510,772) වැයකොට තිබු අතර ඉන් ප්රාග්ධන ස්වරුපයේ සංවර්ධන කටයුතු සදහා වැයකොට ඇත්තේ සියයට හතරක මුදලක් බැව් විගණකාධිපතිවරයා විසින් නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ.
එම වියදමින් සියයට 96ක්ම වැයකොට ඇත්තේ පුනරාවර්තන වියදම් සදහා බවද විගණන වාර්තාවේ සදහන් වේ. පුනරාවාර්තන වියදම්වලින් සියයට 77ක් පළාත් සභාවල සේවය කරණු ලැබන සේවකයින්ගේ පුද්ගලික පඩිනඩි ගෙවිම සදහා වැයකොට තිබුණි.
සෑම පළාත් සභාවක් විසින්ම පුද්ගලික පාරිශ්රමික අනෙකුත් භාණ්ඩ හා සේවා නඩත්තු වියදම් ඇතුළත්ව පුනරාවර්තන වියදම් ද , ප්රාග්ධන ස්වරුපයේ සංවර්ධන වියදම් ද වාර්ෂිකව දරණු ලබයි.