සේවක අර්ථසාධක අරමුදල විසින් සිය සාමාජිකයන්ට සහ ඔවුන්ගේ නෛතික උරුමක්කරුවන් හට ගෙවනු ලැබූ සමස්ත ප්රතිලාභ ප්‍රමාණය ඉකුත් වර්ෂයේ දී (2024) රුපියල් බිලියන 188.1 දක්වා සියයට 12.9කින් අඩුවී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වේ.
මෙකී අරමුදල් විසින් 2023 වර්ෂයේ දී සිය සාමාජිකයන්ට සහ ඔවුන්ගේ නෛතික උරුමක්කරුවන් හට ගෙවනු ලැබූ සමස්ත ප්රතිලාභ ප්‍රමාණය රුපියල් බිලියන 215.9කි.2020 වර්ෂයේ දී රුපියල් බිලියන 109.7ක්,2021 වර්ෂයේ දි රුපියල් බිලියන 118.2ක්,2022 වර්ෂයේ දී රුපියල් බිලියන 163.0ක් වශයෙන් ප්රතිලාභ සිය සාමාජිකයන් වෙත ගෙවා තිබේ. මෙම අරමුදල සඳහා දායක මුදල් ගෙවමින් සිටින සාමාජිකයන් සංඛ්‍යාව මිලියන 2.6කි.
කෙසේ වුවද ඉකුත් වර්ෂයේ දී අරමුදල සඳහා මුළු දායක මුදල් ලැබීම් රුපියල් බිලියන 234.4 දක්වා සියයට 11.3කින් ඉහළ ගොස් තිබුණි. අර්ථසාධක අරමුදලේ ශුද්ධ වටිනාකම 2024 වර්ෂය අවසානය වනවිට රුපියල් බිලියන 4,375.7 දක්වා සියයට 12.6 කින් සැලකිය යුතු ලෙස වැඩිවී තිබූ බවද මෙම වාර්තාවේ සඳහන් වේ. 2023 වර්ෂයේ දී රුපියල් බිලියන 3,886.7 ක ශුද්ධ වටිනාකමක් වාර්තාකොට තිබුණි.
චන්දන සමරවික්‍රම