2024 සිට වාහන අංක තහඩු 413000ක් හිර වෙලා
මෙහිදී වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති හර්ෂද සිල්වා මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසූ අතර නිලධාරීන් පෙන්වා දුන්නේ අංක තහඩු නිකුත් කිරීම සඳහා මේ වන විට ආයතනයක් සමග ගිවිසුම් ගතවී ඇති බවත් මාස 3ක් ඇතුළත වාහන අංක තහඩු නිකුත් කිරීමට එම ආයතනය සැලසුම් කොට ඇති බවත්ය.
මෙහිදි කාරක සභාවේ සභාපතිවරයා දැනට නිකුත් කිරීමට ඇති අංක තහඩු සංඛ්‍යාව සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් විමසූ අතර නිලධාරීන් ප්‍රකාශ කළේ 2024 සිට මේ දක්වා ආසන්න වශයෙන් 413000 ක් පමණ අංක තහඩු ප්‍රමාණයක් නිකුත් කිරීමට ඇති බවයි.
එසේම පෙර අංක තහඩු නිකුත් කළ සමාගම ඉවත් කොට නව සමාගමකට අංක තහඩු නිකුත් කිරීමට ලබාදීම සම්බන්ධයෙන්ද කාරක සභාව විමසූ අතර නිලධාරීන් පෙන්වා දුන්නේ පෙර අංක තහඩු නිකුත් කළ සමාගම පැවති මිලට සාපේක්ෂව එක් අංක තහඩුවක් සඳහා 62.5% මිල වැඩි කිරීමක් යෝජනා කළ බවත් මේ නිසා ඊට වඩා අඩු මුදලකට අංක තහඩු නිකුත්කිරීමට එකඟ වූ නව සමාගමකට මෙය ලබා දුන් බවත්ය.
මේ අනුව මේ සම්බන්ධයෙන් පැහැදිලි වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභාව නිර්දේශ කරන ලදි. එසේම විද්‍යුත් වාහන භාවිතය ඉහළ යාමත් සමඟ එම වාහන වල බැටරිවල ප්‍රමිතය සහ ඒවා බැහැර කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර බැටරි ලියාපදිංචි කිරීමේදී පැවතිය යුතු අවම ප්රමිතීන් සහ බැටරි බැහැර කිරීමේදී පරිසරයට වන බලපෑම් පිළිබඳව වගකිවයුතු රටවල් ක්‍රියාකරන ආකාරය අධ්‍යයනය කර වාර්තාවක් ලබා දෙන ලෙසද කාරක සභාව නිර්දේශ කරන ලදි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
