කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා සිදු වූ ප්‍රමාදය ක්රමානුකූල ව යථා තත්වයට පත් කරමින් 2024 පාසල් අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පෙබරවාරි 21 ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
එසේ ම 2024 වර්ෂයට අදාළ ව පහේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග තුන ම 2024 වර්ෂය තුළ දී ම පවත්වා අවසන් කිරීමටත් සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ගිය වසරට සාපේක්ෂ ව ඉදිරියට පියවරක් තබමින් 2024 වර්ෂයට අවශ්‍ය පෙළපොත් මුද්‍රණය මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව දැනටමත් පෙළපොත් මුද්‍රණය අරඹා ඇති අතර පෞද්ගලික අංශයට ඉදිරි මාසයේ ටෙන්ඩර් කැඳවා අදාළ පෙළපොත්වල මුද්‍රණ කටයුතු භාර දෙන බවත් 2023 වසරේ නොවැම්බර් මාසය වන විට එම පෙළපොත් මුද්‍රණය කර අවසන් වීමට නියමිත බවත් හෙතෙම පැවසී ය.