ඉකුත් 2024 වසරේ ජනවාරි 15 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුලදී දුම්රිය ගමන් වාර 5305 ක් අවලංගුවී ඇති අතර දුම්රිය පීලි පැනීම් 101 ක් වාර්තාවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව
විසින් නිකුත් කොට ඇති නවතම සංඛ්යාා ලේඛනයකින් අනාවරණයවී තිබේ.
දුම්රිය ගමන් වාර එක් ලක්ෂ විසි පන් දහස් හතලිස් හයක් 2024 වසරේ සැලසුම් කොට තිබී ඇති අතර එම සංඛ්‍යාවෙන් නිශ්චිත වෙිලාවට ධාවනයවී ඇත්තේ දුම්රිය ගමන් වාර හැට එක්දහස් තිස් අටකි.නිශ්චිත වේලාවට ධාවනය නොවූ දුම්රිය වාර සංඛ්‍යාව පනස් අට දහස් හත්සීය තුනකි.
දුම්රිය ඇංජින්වල සහ මැදිරිවල හටගන්නා කාර්මික දෝෂ දුම්රිය මාර්ගයේ පවතින දුර්වලතා සහ නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අමුද්‍රව්‍ය නොමැතිවීම අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සඳහා සේවක හිඟතාවය දුම්රිය සංඥාවල ඇති දෝෂ දුම්රිය පීලි පැනීම්වලට හේතු වී ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. තොරතුරු දැනගැනීමේ පනත යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් මෙම තොරතුරු ලබාගෙන ඇත.
චන්දන සමරවික්‍රම