2023 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය -4.3 ක් වේවි
මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය -4.3%ක් වනු ඇතැයි ලෝක බැංකුව පවසයි. එම බැංකුව මගින් 2023 වසර සඳහා වන ගෝලීය ආර්ථික වර්ධනය පිළිබඳ වාර්තාව (Global Economic Prospects) නිකුත් කරමින් ඊයේ (07දා) දිනයේදී මේ බව සඳහන් කර තිබේ.
විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව තුළ පවතින අභ්‍යන්තර කැළඹිලි තත්ත්වයන් මෙන්ම, තවදුරටත් පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වයන් මෙම වර්ධනය පහත හෙළිමට හේතුවක් වී තිබෙන බව ලෝක බැංකුව මෙහිදී පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, 2024 වසරේ ආරම්භයේ සිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළිත් යථාවත් වනු ඇති බවත්, එම වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 1.2%ක් වනු ඇති බවත් ලෝක බැංකුව පුරෝකතනය කර සිටියි. එසේම එය වසර 2025 වන විට 2.0%ක අගයක් ගනු ඇතැයිද මෙම වාර්තාවේ සඳහන්ව තිබේ.
මේ අතර, 2023 වසරේදී දකුණු ආසියානු කලාපය තුළ ආර්ථික වර්ධන වේගය 5.9%ක ප්‍රතිශතයක් දක්වා මන්දගාමී වනු ඇති බවත්, එය 2024 වසරේදී 5.1%ක් දක්වා පසුබසිනු ඇති බවත් ලෝක බැංකුව පුරෝකතනය කර සිටියි. විශේෂයෙන්ම මෙම කලාපීය රටවල් සිදුකරන සිය ප්‍රතිපත්ති දැඩි කිරීමේ තීරණ සහ ගෝලීය මූල්‍ය තත්ත්වයන් ඒ සඳහා හේතුවනු ඇතැයි ලෝක බැංකුවේ අදහස වී තිබේ.
එසේම, පවතින ආර්ථික අවදානමත් සමග 2023 වසරේදී ගෝලීය ආර්ථික වර්ධන වේගය 2.1%ක ප්‍රතිශතයක් ගනු ඇතැයිද ලෝක බැංකුව පවසයි. 2022 වසරේදී ලෝක බැංකුව මෙය 3.1%ක වර්ධනයක් ලෙස පුරෝකතනය කර තිබුණි.
popular news
-
appu Thursday, 08 June 2023 04:49 AM
hathvalame oka thiyenne koheda makkavath illa ganna
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

