පසුගිය වසරේදී අලිඇතුන් 476ක් මියගොස් තිබෙන බවත් මෑත ඉතිහාසයේ වැඩිම අලිඇතුන් මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ පසුගිය වසරේදී බවත්පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන්කරයි.
අලි - මිනිස් ගැටුම හා ස්වභාවික හේතූන් මත මෙම මරණ සිදුවී තිබෙන බවත් අලි - මිනිස් ගැටුම වැළැක්වීම සඳහා විදුලි වැටවල් ඉදිකිරීමට හා නඩත්තුවට පසුගිය වසර දෙකේදී රුපියල් කෝටි 228ක් වැයකර තිබුණද අලි - මිනිස් ගැටුම අඩු වී නොමැති බවද එම සංගමයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේය.
2022 වසරේදී අලි ඇතුන් මරණ 439ක්, 2021 වසරේදී මරණ 375ක්, 2020 වසරේදී මරණ 328ක්, 2019 වසරේදී මරණ407ක්, 2018 වසරේදී මරණ 319ක්, 2017 වසරේදී මරණ256ක්, 2016 වසරේදී මරණ 279ක්, 2015 වසරේදී මරණ 205ක් හා 2014 වසරේදී මරණ 231ක් සිදුව තිබෙන බවද පවසා සිටියේය.
මේ අනුව 2014 වසරේ සිට 2023 දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී අලිඇතුන් 3,313ක් මරණයට පත් වී තිබෙන බවත් මේ වසරේ ජනවාරි 01වන දින එක් අලියෙක් මිය ගොස් තිබෙන බවද සඳහන් කළේය.
අලි - මිනිස් ගැටුම නිසා මිය යන අලි ඇතුන්ගේ ප්‍රමාණය අවම කිරීමට කිසිදු සාධනීය පියවරක් මෙතෙක් ගෙනනොමැති බවත් මෙම ගැටලුව විසඳා ගැනීමට පරිසර සංවිධාන අදටත් යෝජනා කරන්නේ දැනට ඉතිරිවඇති කෑලැ ප්‍රදේශ ඒකාබද්ධ කර අලි කොරිඩෝවක් නිර්මාණය කරන ලෙස බවද පවසා සිටියේය.
එහෙත් පාලකයන් සිදුකරමින් තිබෙන්නේ අලිඇතුන් ගැවසෙන භූමි විවිධ කටයුතු සඳහා යොදා ගැනීම බවත් 2021 වසරේ සිට 2023 වසර අවසානය දක්වා සෑම දිනකම විශාල පරිසර විනාශයක් සිදු කරමින් තිබෙන බවද සඳහන් කළේය.
මේ තුළින් දැවැත්ත පරිසර විනාශ සිදුව තිබෙන බවත් මේ නිසා අලි මංකඩවල් හා අලින්ගේ නිජබිම් ලෙස සැලකෙන වනාන්තර, පාරිසරික කලාපවිනාශ වී යමින් තිබෙන බවත් අලි - මිනිස් ගැටුමට මූලික හේතුව වී ඇත්තේ වනාන්තර ප්‍රදේශ විනාශ කරමින් සිදු කරන අවිධිමත් සංවර්ධනය ක්‍රියාවලිය බවට පසුගිය කාලය පුරාවට පෙන්නුම් කළ බවද කාරියවසම් මහතා සපවසා සිටියේය.