පසුගිය වසරේ මාතලේ දිස්ත්‍රික්කයෙන් ඒඩ්ස් ආසාදිතයින් 85ක් වාර්තා වි ඇති බව ඉකුත්දා පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදි අනාවරණය විය.
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති/පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවති අවස්ථාවේදි මෙම කරුණූ අනාවරණය විය.
මෙහිදි අදහස් දැක්වු මාතලේ දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඉරුකා රාජපක්ෂ මහත්මිය කියා සිටියේ මේ ආසාදිතයින් අතර පිරිමි - පිරිමි ලිංගික ඇසුරු කරන පිරිස්වල පැතිරයාමක් දක්නට ලැබෙන බවත් මොවුන් සදහා ප්‍රතිකාර කිරිම් ආදිය සිදු කරන බවය.
මාතලේ දඹුල්ල සිගිරිය ආදි සංචාරක කලාපවල සහ සම්බාහන ආයතන ආශ්‍රිතව සහ ලිංගික ශ්‍රමිකයින් පරික්ෂා කිරිම් සිදු කරන බවත් ඒ අයගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් මෙම කටයුතු සිදු කරන බවද ඇය පැවැසුවාය.මේ වන විට ප්‍රතිකාර සිදු කිරිම් සදහා අවශ්‍ය පහසුකම් සලසා දි ඇති බවද පැවසිය.
මහේෂ් කීර්තිරත්න