මත්ද්‍රව්‍ය මෙරටින් පිටු දැකීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, රාජ්‍ය බුද්ධි සේවාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව බුද්ධි තොරතුරු හුවමාරු කරගනිමින් සිදු කල මෙහෙයුම් මඟින් පසුගිය 2022 වසරේ හෙරොයින් කිලෝ 1363 ග්‍රෑම් 503 ක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව නාවික හමුදාව නිවේදනය කරයි.
මීට අමරතව අයිස් හෙවත් ක්‍රිස්ටල් මෙතම්පිටමයින් කිලෝ 148 ග්‍රෑම් 147 ක ප්‍රමාණයක්, හෂීෂ් කිලෝ 01 ග්‍රෑම් 105 ක්, කේරළ ගංජා කිලෝ 5731 ග්‍රෑම් 155 ක ප්‍රමාණයක්, දේශීය ගංජා කිලෝ 25 ග්‍රෑම් 285 ක ප්‍රමාණයක් සහ කුෂ් හා අබිං ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.
එසේම දේශීය ගංජා පැළ 41685 ක් ද විනාශ කිරීමට කටයුතු කළ බවත් මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රී ලාංකික ධිවර යාත්‍රා 21 ක් සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් 336 ක් සහ විදේශීය යාත්‍රා 03 ක් සමඟ විදේශීය ජාතිකයින් 21 ක් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇතැයි නාවික හමුදාව වැඩිදුරටත් දැනුම් දෙයි.