2022 පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සෘණ 1.6ක් බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව 2021 වසරේ පළමු කාර්තුව හා සැසදීමේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදිතය සියයට 1.6කින් පහළ ගොස් තිබේ.
2020 හා 2021 වසරේ කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය ක්රසයෙන් යථා තත්තයට පත්වෙමින් සිටින අවස්ථාවක මෙසේ 2022 වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සෘණ වි තිබේ. උද්ධමනය, රුපියල අවප්‍රමාණය වීම, ඩොලර් හිඟය, විදේස් ප්‍රේෂණ හා සංචාරක ආදායම් අවම වීම හේතුවෙන් මෙසේ ආර්ථික වර්ධනය සෘණ වි ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසයි. එසේම 2015 වසරෙන් පසුව සලකා බැලීමේදි කෘෂිකාර්මික කටයුතු වල ඉහළම පසුබැස්ම මෙම කාර්තුවේදී වාර්තා වී ඇති බවද ඔවුන් කිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මෙහිදි වි වගාවේ කැපී පෙනෙන පසුබෑමක් ඇ ති බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව කියයි. කාර්මික අංශයද සෘණ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන නමුත් සේවා අංශයේ සුළු වර්ධනයක් පෙන්නුම් කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.