පරිසර හිතකාමි දේශිය පොහොර මිලදි ගැනිමේ ව්‍යාපෘතිය යටතේ 2021/2022 යන වර්ෂවලදි මිලදිගෙන තිබු රුපියල් තුන්කෝටි,විසිඅටලක්ෂ,තිස්පන්දහස්,තුන්සියපනස්පහක් වටිනා (32,835,355) කාබනික පොහොර මෙට්‍රික්ටොන් 2,487ක්, තවමත් ප්‍රා දේශිය ගබඩාවල පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
එවකට පැවති සිමා සහිත ලංකා පොහොර සමාගම විසින් මෙම කාබනික පොහොර තොගය මිලදි ගෙන තිබුණි. 2025 වර්ෂයේ මැයිමස සිදුකරනු ලැබු තොග සත්‍යාපනයේ දි මෙම කාබනික පොහොර තොගය අලෙවිකිරිමට නොහැකිව ප්‍රා දේශිය ගබඩාවල පවතින බව අනාවරණය වි ඇති අතර එම පොහොර තොග සම්බන්දයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග නිශ්චිතව හදුනාගෙන නොතිබුණි.
ඉතිරිව පවතින මෙම කාබනික පොහොර අම්පාර, හොරොව්පතාන, මැදවච්චිය, නොච්චියාගම, බදුල්ල,මඩකලපුව, දෙහිගහලන්ද, කොණ්ඩාවිල්, හිගුරක්ගොඩ සහ ඇඹිලිපිටිය යන ප්‍රා දේශිය ගබඩාවන්වල වැඩි වශයෙන් පවතින බව අනාවරණය වි ඇත.