පාලනය කරගත නොහැකි ස්වභාවික විපත් නිසා 2021 යල කන්නයේ වී, බඩඉරිඟු, සෝයා, අර්තාපල්, ලොකු ළූණු හා මිරිස් වගාවන්ට සිදු වූ හානි වෙනුවෙන් ගොවීන්ට වන්දි ගෙවීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන ඇති බව එහි අධ්යවක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පවසයි.
මෙම රක්ෂණ වැඩසටහන යටතේ වාරික මුදල් අයකිරීමකින් තොරව උපරිමය අක්කරයකට රුපියල් 40,000 කට යටත්වරුපියල් මිලියන 210 ක මුදලක්ගොවීන් 8,678 දෙනෙකුට වන්දි වශයෙන් ප්රැදානය කෙරේ.
සියලුම ගොවීන්ට හිමි වන්දි මුදල් 2022 අප්‍රේ ල් 05 දින ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කර ඇත.2022 අප්රේමල් 06 සිට අදාල බැංකු ශාඛාවෙන් මුදල් ලබා ගත හැක.
වන්දි මුදල් ලබා ගැනීමට විධිමත් ලෙස අයැදුම්කර 2022 අප්රේකල් 08 තෙක් වන්දි නොලැබුණ ගොවීන් මේපිළිබඳ අභියාචනයක් තම ගොවිජනසේවා මධ්‍ය2ස්ථානය මගින්කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රි ක් කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතු බව අධ්යයක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.