2014-2015 කාලයේ ලංකා සතොස ආයතනය හරහා සහල් ගෙන්වීම නිසා රු. බිලියන 6ක පාඩුවක් සිදුව ඇති බව කෝප් කමිටුවේදී අණාවරණය විය.
සහල් ගෙන්වා එම සහල් කල්ඉකුත්වීම නිසා සත්ව ආහාරවලට විකිණීම සිදුව ඇති බවද මෙහිදී සාකච්ඡා විය. මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර විගණකාධිපතිවරයා විසින් වාර්තාවක් පිළියෙල කර ඇති බවත් මේ අනුව ඉදරියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් කමිටුවේදී තීරණය විය.
ලංකා සතොස ආයතනයේ 2022 වසරේ පාඩුව මිලියන 600 කට ආසන්න බවත් 2021 දෙසැම්බර් 31 වන විට විට සමස්ත පාඩුව බිලියන15 කට ආසන්න බවත් මෙහිදී සාකච්ඡා විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පැවැතචි කෝප් කමිටු රැස්වීමට ලංකා සතොස ලිමිටඩ් සමාගම කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු හෙළිවිය.
එසේම ආයතනයේ සේවක පුරප්පාඩු 1123 ක් පවතින බවත් මෙහිදී අනාවරණය වූ අතර එම සේවක පුරප්පාඩු පිරවීමට පෙර ඊට අදාළව නැවත ඇගයීමක් සිදු කිරීමේ අවශ්‍යතාව විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එසේම ලංකා සතොස ආයතනය අගෝස්තු මස 22 වැනිදා නැවත කැඳවීමටත් මෙහිදී තීරණය විය.