2020 වසර වනවිට ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කරන බවත්, දැනට වර්ග කිලෝමීටර් 64 ක පවතින බවට සඳහන් බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා සිවු අවුරුදු සැලැස්මක් සකස් කර තිබෙන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන නැවත ලියාපදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා සඳහන් කළේය.
මීට අමතරව බිම් බෝම්බ ඉවත් කිරීම පිළිබඳව පවතින ඔටාවා සම්මුතිය පිළිගෙන එහි පාර්ශ්වකරුවෙකු වීමට අවශ්‍ය කටයුතු කිරීම සඳහා ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද පවසා සිටියේය.
බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා සම්පත්දායකයන් සොයා ගැනීම සඳහා පැවැත්වෙන සිවුදින වැඩමුවේදී ඔහු මේ බව පවසා සිටියේය.