ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතත් 2020 මැතිවරණයේදී ජනාධිපති ලෙසපත් කරගැනීමට කටයුතු කරන බවත් නිදහස් පක්ෂය පාර්ශ්ව කිහිපයකට බෙදී යනු ඇති බවට ඇතැම් පුද්ගලයන් බලාගෙන සිටියත් එය සිදු නොවුණ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.
ජාතික සංවිධායක ධුරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව ඊයේ (4දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“සමහරු බලාගෙන සිටියා ඊයේ වෙනකං ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට තුනට කැඩිලා, ගහගෙන රණ්ඩුවෙලා සේරම විනාශ වෙනකං. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ එහෙම එකක් නෙමෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2020දී අපේ ජනාධිපතිතුමා වන මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත ජනාධිපති පුටුවේ වාඩි කරන්නත්, ඉදිරි පළාත් සභා මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරන්නත්, ඉදිරියේදී පවත්වන පාර්ලිමේන්තු මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීමත් කියන අරමුණු අනුව තමයි පක්ෂය ප්‍රතිසංවිධානය කරන්නේ” යනුවෙනි.