වර්ෂ 2020 වනවිට ශ්‍රී ලංකා ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදිතයට සේවා අංශයෙන් 60% ක පමණ දායකත්වයක් හිමිවනු ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
මහ බැංකු අධිපතිවරයා මෙසේ පවසා සිටියේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් දැනුම ආර්ථිකයක් වෙනුවෙන් වූ විදුහුරු හෙටක් තිරසර රටක් යෝජනාවලිය හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමිනි.
"2020 දැක්ම කරා යන ගමනේදී අප කෘෂි ආර්ථිකයෙන් ඔබ්බට, සේවා ආර්ථිකයක් කරා වැඩි අවධානයක් යොමුකළ යුතුයි. එහිදී, තොරතුරු හා තාක්ෂණ ක්ෂේත්රය විශේෂයි. ඒ අනුව, 2020 දී අපේ සේවා අංශය අපේ දළ දේශීය නිෂ්පාදිතයට 60% ක පමණ දායකත්වයක් ලබාදෙනු ඇතැයි කියා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම, කර්මාන්ත හා සේවා අංශයේ විශේෂ වර්ධනයන් අප මේ වනවිටත් දකිනවා. "යනුවෙන් මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේය.