වසර 2020 වන විට අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස අහිමි සැමට තමන්ගේම නිවසක ජීවත් වීමේ අයිතිය ලබා දෙන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
දිස්ත්‍රික්කයේ නිවාස අහිමි 33,936 දෙනෙකු හා තම නිවස අඩක් නිම කළ 23,437 දෙනෙකු වෙනුවෙන් අංග සම්පූර්ණ නිවසක ජීවත් වීමේ වරම ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
අම්පාර, නවගම්පුර ප්‍රදේශයේ ඉදිකළ දයාපුර උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේබව කීය.