පරිසරය සුරක්ෂිත කිරීම සඳහා වෙනත් කිසිදු රජයකින් ක්‍රියාත්මක නොවුණු වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
කොවිඩ් වසංගතය පාලනය කරමින් එන්නත්කරන වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට රජයට හැකිවූයේ නිවැරදි දේශපාලන නායකත්වය නිසා යැයිද ඔහු පැවැසීය.
“ අද බඩු මිල ඉහළ ගොසa තිබෙන බව අපි පිළිගන්නවා. පහුගිය ආණ්ඩුව කාලයේ ග්‍රාමීය ආර්ථිකය නැංවීම සඳහා මෙවැනි සැලසුම් සකස් නොකිරීම නිසා අද ග්‍රාමීය ජනතාවගේ ආර්ථීකය කඩා වැටිලා. වර්තමානයේ ආරම්භ කර ඇති ග්‍රාමීය ආර්ථිකය නැංවීමේ වැඩපිළිවෙළ යටතේ ජනතාවගේ නිපැයුම් විකුණා ගැනීම සදහා එක වසමකට එක වෙළෙදසැල බැගින් ඉදි කරනවා. තරුණ, කාන්තා ව්‍යවසායකයින් බිහිකිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. කොවිඩ් අර්බුදයත් සමඟ මේ සියල්ල සිදු කරන්නේ ජනතාව ආර්ථික වශයෙන් ගොඩ නැංවීමටයි.
ශ්‍රී ලංකාව කොවිඩ් පාලනය කරපු මුල්ම රටවල් 10 අතර ඉන්නේ නිවැරදි දේශපාලන නායකත්වය නිසයි.කොවිඩ් වසංගතයට අපේ රට ගොදුරුවන අවස්ථාවේ රට වහන්න සිදුවුණා. රට වසා දැමීම නිසා ආර්ථිකය කඩා වැටෙන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්නත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්. ඒ වුණාට නැති වෙන මිනිස් ජීවිත ආයෙත් පණ දෙන්න බැහැ කියලයි. ඒ නිසා සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න ජනාධිපතිතුමා සැම විටම පියවර ගත්තා. රට වසාදැමුණු අවස්ථාවේ ගෙදරක කරන්ට් ගියා වගේ සියලු දේවල් වැහුණා.
ආණ්ඩුව ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා සති දෙකක් ඇතුළත ආර්ථීකය කඩා වැටුණු සියලු පවුල් වලට රුපියල් 5000 ගාණනේ දෙවරක්ම ගෙව්වා. වෙන රටවල් වලට කිසිම සැලසුම් තිබුණේ නැහැ. අපේ රටේ එවැනි සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුනා. රටක අර්බුදයක් පවතින අවස්ථාවක මේ සැලසුම් සකස්වුනු හැටියි වැදගත්.
අපිට වැඩිය දියුණු රටවල කොවිඩ් නිසා වෙන මැරෙන අයගණන් කරන්නේ දහස් ගණන් වලින්. ආසාදිතයින් ගණන් කරන්නේ ලක්ෂ ගණන් වලින්. ලෝකයේ අනෙක් රටවල එහෙම වෙද්දි අපි කොවිඩ් වසංගතය යම්තාක්දුරට පාලනය කරගෙන සිටිනවා. අදටත් රටවල් 133ක් කොවිඩ් එන්නතක් ගැන හිතලාවත් නැහැ. මේ වන විට අපි ලක්ෂ 8 ට වැඩි පිරිසකට එන්නත දීලා තිබෙනවා. බස්නාහිර පළාතේ සියලු දෙනාටම එන්නත ලබා දෙන්න ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා. රට සාමාන්‍ය තත්ත්වයට ගෙනත් රට නගා සිටුවන වැඩපිළීවෙල අපි දියත් කරනවා.
මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ ගස් කපනවා කියලා බොරු ප්‍රචාර ගෙන යනවා. සංඛ්‍යා ලේඛන අනුව නම් 2020 කියන්නේ අඩුවෙන්ම වන විනාශයක් වුණු වර්ෂයක්. මේවා පිටුපස ඉන්නේ රාජ්‍ය නොවන සංවිධාන. ඉතිහාසයේ සිටම ජාවාරම්කරුවෝ ගස් කපනවා. මේ වන විට වන විනාශය සම්බන්ධයෙන් සොයා බැලීමට වෙනම මෙහෙයුමක් ක්‍රියාත්මකයි. රටේ පරිසරය සුරක්ෂිත කරන වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කර තිබෙනවා."