වර්තමාන ආණ්ඩුව විසින් දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීමට ගෙනයන වැඩපිළිවෙළ අනුව 2020 වසර වනවිට රට කිරිවලින් ස්වයංපෝෂිත තත්ත්වයට පත්වන බව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
ආණ්ඩුවේ නව වැඩපිළිවෙළට අනුව පසුගිය වසර තුළදී කිරි නිෂ්පාදනය 15%කින් ඉහළ ගොස් තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා ඔස්ට්‍රේලියාවෙන් කිරි ගවයන් ගෙන්වීමට කටයුතු කරන බවද අද (27දා) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා සඳහන් කළේය.