වසර 2020 වනවිට සංචාරක කර්මාන්තයෙන් රුපියල් බිලියන 5 ක ආදයමක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා අද (18දා) කොළඹදී පැවති හතරවැනි ආරක්ෂක සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.
ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ වැඩිම ආයෝජනයක් සිදුකරනු ලබන්නේ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව බවත්, ඒ සඳහා අවශ්‍ය කරන භෞතික සම්පත් සංවර්ධනය කිරීම සාර්ථකව සිදුකරගෙන යන බවත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
විදේශීය සංචාරකයන්ට අමතරව දේශීය සංචාරකයන්ටද අවශ්‍ය පරිදි හෝටල්, ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන, භාණ්ඩ අලෙවි සැල්, ආපන ශාලා, ඇතුළු පහසුකම් සැපයීමට කටයුතු කරගෙන යන බවත් ඔහු පවසා සිටියේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා