වනාන්තර ආරක්ෂා කිරීම මේ වනවිට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් තනිව සිදුකළ නොහැකි බවත්, ඒ සඳහා නීතිය බලාත්මක කිරීම මගින් වනාන්තර සංරක්ෂණය කළ යුතු බව පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.
දැනට ශ්‍රී ලංකාවේ වන වැස්ම 29% බවත්, 2020 වනවිට වන වගාව 35% ක් කිරීම ඉලක්කය බවත් ඒ සඳහා සැලසුම් සහගතව ක්‍රියාකළ යුතු බවත් ප්‍රේම්ජයන්ත මහතා අවධාරණය කළේය.