සමස්ත අයවැය හිඟය වර්ෂ 2020 වනවිට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 3.5 දක්වා අඛණ්ඩව අඩු කළ හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම සම්බන්ධ වැඩසටහනේ රාජ්‍ය වියදම වඩාත් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළ ගැන අදහස් දක්වමින් ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී ටොඩ් ෂ්නයිඩර් මහතා මෙසේ සඳහන් කරයි.
හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ප්‍රාථමික හිඟය (පොලී වියදම හැර) ප්‍රාථමික මූල්‍ය අතිරික්තයක් දක්වා වර්ධනය වෙමින්, රාජ්‍ය ණය සැලකිය යුතු ලෙස අඩු වීමටත් මෙම වැඩපිළිවෙළ හේතු වන බවයි.