2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේදී මළල ක්‍රීඩා, පිහිනුම්, මේස පන්දු සහ තුන්ප්‍රයාම තරග ඉසව් සඳහා කාන්තා - පිරිමි මිශ්‍ර තරග වෙනුවෙන් අනුමැතිය හිමිවූ බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනය කරයි.
එහිදී, මීටර් 400 x 4 රිලේ ධාවන තරග මෙන්ම, මීටර් 100 x 4 රිලේ පිහිනුම් තරගවලටද මෙවැනි කාන්තා - පිරිමි මිශ්‍ර තරග ඇතුළත් වනු ඇත.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් පවසා සිටියේ ක්‍රීඩාව වඩාත් උද්යෝගීමත් කිරීම, වඩාත් ජනතාව අතරට ගෙනයෑම මෙන්ම, වැඩි කාන්තා සහභාගීත්වයක් ඇති කිරීම සිදුවනු ඇති බවයි.