කෘමි නාශක ආනයන බලපත්‍ර සඳහා වූ රු.8000/- ක ගාස්තුව රු.100,000/- ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇත.
මහජන සෞඛ්‍ය හා පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණින් 2020 වනවිට කෘමි නාශක පාලනයක් ඇති කිරීමේ කෘෂිකර්ම අමාත්‍යංශයේ අපේක්ෂාව අනුව මෙය සිදුකර ඇති බව පැවසෙයි.
මීට අමතරව බලපත්‍ර ලබාදුන් පසුව ගබඩා කිරීමේ හා බෙදාහැරීමේ පහසුකම්ද විමසීමට කටයුතු යොදා ඇති බව කියයි.
කෘමි නාශක ආනයනය අතරතුරදී රු.1,000/- ක් ගෙවා කෘමි නාශක ලියාපදිංචි කාර්යාංශයෙන් විශේෂ බලපත්‍රයක් ලබාගත යුතු බවත්, කෘමි නාශක ලියාපදිංචියේදී ක්ෂේත්‍ර ඇගැයුම් වාර්තාවක් අනිවාර්යය කොට ඇති බවද කියයි.
අමාත්‍යංශය විසින් කෘමි නාශක භාවිතය පිළිබඳ දිස්ත්‍රික් හා කලාපීය මට්ටමින් පසු විමසුම් පද්ධතියක් පිහිටුවනු ලැබන බවත්, එය ලබන වසරේදී ක්‍රියාත්මක කෙරෙන බවත් කියයි.
මහජන සෞඛ්‍ය හා පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණින් කෘමි නාශක පාලනය කිරීම සඳහා අමාත්‍යංශය විසින් මෙම පියවර ගෙන ඇති බවත් පවසයි.
ස්වාභාවික ක්‍රම මගින් භූමියේ හෝ මිනිසා හෝ හානියට පත් නොවුණු නිසා, 2020 වනවිට කෘමිනාශක පාලනයක් ඇති කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය අපේක්ෂා කරන බවද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.