2019 දී පාසල් 350කට පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් වී නෑ - CTU
2019 වසරේද පාසල් 350 කට වැඩි ප්‍රමාණයකට කිසිදු ළමයෙකු ඇතුළත් වී නැතැයි ලංකා ගුරු සංගමය පවසයි.
පාසලක සිටිය යුතු ගුරුවරු ප්‍රමාණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ 01/2016 චක්‍රලේඛය මගින් පාසලේ විෂයන් අනුව ගුරුවරු සංඛ්‍යාව තීරණය කිරීම වෙනුවට ළමුන් හා පන්ති සංඛ්‍යාව අනුව ගුරුවරු ලබාදීම මේ සඳහා හේතුව බවද ලංකා ගුරු සංගමය පවසයි.
2017 වසරේ අධ්‍යාපන අමත්‍යාංශ සංඛ්‍යා ලේඛණවලට අනුව 1 ශ්‍රේණිය සඳහා දරුවන් ඇතුළත් නොවූ පාසල් සංඛ්‍යාව 433 ක් බවත් 1 ශ්‍රේණිය සඳහා එක් ළමයෙක් ඇතුළත් වූ පාසල් 137 ක් බවත් ළමුන් දෙදෙනෙක් ඇතුළත් වූ පාසල් 138 ක් බව අධ්‍යාපන අමාත්‍යාංශ සංඛ්‍යාලේඛනවල දැක්වෙන බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ වන විට ළමයි 50 ට අඩු පාසල් 1486 ක් ද, ළමයි 100 ට අඩු පාසල් 1560 ක් ද පවතින බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.

popular news
-
Champa Monday, 04 February 2019 05:54 PM
මොකක්ද පලවෙනි පන්තියට ළමුන් නාපු එකයි ගුරුවරුයි අතර තියෙන සම්බන්දෙ? පලවෙනි පන්ති අහෝසි කලාද මේ ඉස්කෝලවල? නැත්නම් පලවෙනි පන්ති වලට ගුරුවරු නැත්ද? නැත්නම් පලවෙනි පන්ති වලට ඇතුලත් කරන්න දෙමව්පියන්ට දරුවෝ නැත්ද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

