එළඹෙන වසරේදී ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 1300 ක විශාල ණය මුදලක් අවශ්‍යව ඇති බවද එහිදී පෙන්වා දුන් රණවක මහතා එම මුදලින් 30%කට වැඩි ප්‍රමාණයක් පසුගිය ආණ්ඩුව විසින් මාර්ග ඉදිකිරීමට ගන්නා ලද ණය ගෙවීමට වැය වන බවද සඳහන් කළේය.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ බව පෙන්වා දුන්නේ මෝටර් වාහන (සංශෝධන) පනත් කෙටුම්පත් සඳහා වූ විවාදයට ඊයේ (19දා) එක්වෙමිනි.වැඩිදුරටත් සිය අදහස් දක්වා සිටි ඒ මහතා,
“මාර්ග තදබදය අද අපේ රට මුහුණදෙන ප්‍රධාන ප්‍රශ්නයක්.එක පවුල් ඒකකයකට එක් වාහනයකට වඩා තිබෙන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. රටේ ආයෝජනවලින් බහුතරයක් වැය වෙන්නේ මාර්ග සංවර්ධනයටයි. එහෙත් මාර්ග තදබදය නිසා අහිමි වන මුදල එම ආයෝජනයටත් වඩා වැඩියි. එය ඛේදවාචකයක්. ලබන වසරේ අපේ රටට විශාල ණය මුදලක් අවශ්‍ය වී තිබෙනවා. එය බිලියන 1300 ක්. එම මුදලින් 30%කට වැඩි ප්‍රමාණයක් පසුගිය ආණ්ඩුව මාර්ග සෑදීමට ගත් ණය ගෙවීමට වැය වෙනවා." යැයි ඔහු පැවැසීය.