ඛනිජ තෙල් ගවේෂණය සඳහා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ස්ථාන 20 ක් හඳුනාගෙන ඇති බවත්, එහි කැණීම් කටයුතු පිළිගත් හා තරගකාරී පිළිවෙතක් යටතේ ලබාදීමට කටයුතු කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
පසුගිය රාජ්‍ය සමයේ මෙන් විවිධ රටවලට පංගුපේරුවට තෙල් ළිං භූමි ස්ථාන ලබාදීමට කටයුතු නොකරන බව ඔහු පැවසීය.
මන්නාරම් ද්‍රෝණියේ ඩොරුඩෝ නම් ළිඳේ ගෑස් හමුවී ඇති බවත්, ඒවා තව වසර දෙකකින් එනම් 2018 වනවිට වාණිජ කටයුතු සඳහා ලබාගැනීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.