2018 වසරේ පළමු දින 60 තුළ දියේ ගිලීමෙන් පුද්ගලයන් 93 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
2017 වසර තුළදී දියේ ගිලීම්වලින් පුද්ගලයන් 728ක් මියගොස් තිබෙන අතර, එම ප්රමාණයෙන් 150 දෙනෙක් කාන්තාවෝ වෙති.
මෙම 728 දෙනාගෙන් 100ක් වයස අවුරුදු 19ට අඩු පිරිස් වන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එමෙන්ම 2016 වසරේදී පුද්ගලයන් 877 දෙනෙකු මියගොස් තිබේ. එම ප්රමාණයෙන් 177 දෙනෙකු කාන්තාවන් වන අතර, 105 දෙනෙකු වයස අවුරුදු 19ට අඩු පිරිස්ය.