2018 වසරේ ලෝක සෞඛ්‍ය දින සැමරුම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ. ජිනීවා නුවර පැවැති එම සංවිධානයෙන් 142 වැනි සැසිවාරයේදී මේ බව තීරණය කර ඇත.
ලෝක සෞඛ්‍ය දිනය සෑම වරසකම අප්‍රේල් 7 වැනිදා සැමරෙයි. "ඔබ දන්නා පරිදා මෙය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව තරම් සුදුසු ස්ථානයක් තවත් නෑ. ශ්‍රී ලංකාව බොහෝ කාලයක පටන් නිදහස් සෞඛ්‍ය ජනතාවට ලබාදෙන රටක්" යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් අඩ්හැනෝම් පැවැසීය.