2017 වර්ෂයේදී රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙක තුළ එච්.අයි.වී. අසාදිතයන් ප්‍රමාණය වැඩිවී ඇති අතර එයින් වැඩි පිරිස වයස අවුරුදු 24-36 වයස් කාණ්ඩයේ තරුණයන් වීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව රත්නපුර මහා රෝහලේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය කංචන උපසේන මහතා පැවසීය.
පසුගිය වසරේ ඒඩ්ස් රෝගීන් 160ක් සිපිලිස් රෝගීන් 55ක් පමණ හඳුනා ගෙන ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා වෙනත් වසරවල්වල සාමාන්‍යයෙන් වාර්තා වන ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව සියයට අඩුවන බවත්, සිපිලිස් රෝගීන් සංඛ්‍යාව 10කට 15ක වඩා වැඩි නොවන බවද පවසා සිටියේය.
අප කළ විමසීමකට පිළිතුරු ලබාදුන් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ, වීදි ගණිකාවන් රෝගය සම්බන්ධව තීරණාත්මක කණ්ඩායම ලෙසත් හැඳින්වීම සාධාරණ නැතත්, රෝග වාහකයක් වශයෙන් ඔවුන්ගේ දායකත්වයත් පවතින බවද බැහැර කළ නොහැකි බවය.
අනාරක්ෂිත ලිංගික සබඳතාවල යෙදෙන වතුකරයේ ඇතැම් පිරිස් මෑතක සිට විවිධ ව්‍යාපර සඳහා ඇතැම් අප්‍රිකානු රටවලට නිතර යන එන පුද්ගලයන් ආසාදිතයන් අතර සිටින බව පැවසූ විශේෂඥ වෛද්‍ය උපසේන මහතා සම ලිංගික ඇසුර හේතුවෙන් සමහර අය මෙම රෝග තත්ත්වයට ගොදුරුවී ඇති බවද සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයා,
&මෙයට පෙර ඒඩ්ස් රෝගයට ගොදුරු වූවන් ලෙස හඳුනා ගැනුණු වැඩි පිරිස මැදි වයසේ ස්ත්‍රී - පුරුෂයන් පමණයි. එහෙත් දැන් දැන් අවුරුදු 24-36 අතර වූ තරුණ කොටස් බහුලව දක්නට ලැබෙනවා. මෙය රටක් වශයෙන් කනගාටු විය යුතු තත්ත්වයක් %මවගෙන් දරුවාට^ සංකල්පයට අනුව බාල වයස්කාරයන් පවා අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වී සිටිනු දක්නට ලැබෙනවා* යැයි පවසා සිටියේය.
කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම, ආර්.ආර් පියසේන