පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පසුගිය වසර තුළදී වෙළෙඳ පොළ වැටලීම් විසිපන්දහස් හත්සිය අටක් සිදුකර නඩු පැවරීම විසිපන්දහස් අසූ දෙකක් සිදුකර තිබේ.
නඩු කටයුතු අවසන්වූ සිද්ධීන්වලට අදාළව රුපියල් මිලියන 98.2ක් රජයට අයකර දී ඇතැයි එම අධිකාරිය සඳහන් කරයි.
2016 වසරට සාපේක්ෂව වැටලීම් ප්රමාණය 16෴කින් ඉහළ ගොස් තිබෙන බවත්, අදාළ වැටලීම් සිදුකරනු ලබන්නේ පාරිභෝගික පනත උල්ලංඝනය කරන පිරිසට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමට බවත් එම අධිකාරිය පෙන්වා දෙයි.
මීට අමතරව වෙළෙඳ පොළ අකටයුතුකම් පිළිබඳ පැමිණිලි 2301ක් ලැබී තිබෙන බවත්, ඉන් පැමිණිලි 594ක් පිළිබඳ විමර්ශනය කර අවසන් බවත් එම අධිකාරිය සඳහන් කරයි.